සුපිරි කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයකාන්ත් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය.

‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා වන විජයකාන්ත්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන්, විජයකාන්ත්ගේ රසික රසිකාවියන් ඔහු ‘කැප්ටන්’ යන නමින්ද හඳුන්වා ඇත.

රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු, විජයකාන්ත්, ‘ඩී.එම්.කේ.’ පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය.

තමිල්නාඩුවේ, සෙසු දේශපාලන පක්ෂවලට අභියෝගයක් වූ විකල්ප දේශපාලන පක්ෂයක් ලෙස ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය ප්‍රසිද්ධය.

2011 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී ‘ඩී.එම්.ඩී.කේ’ පක්ෂය ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ’ ප්‍රමුඛ සන්ධානය සමඟ සන්ධානගත වූ අතර, විජයකාන්ත් විපක්ෂ නායකයා බවට ද පත් විය.