සැරසිලි කල යාත්‍රාවක් වඩමාච්චි වෙරළ තීරයට ගොඩ ගසයි

සැරසිලි කල යාත්‍රාවක් වඩමාච්චි වෙරළ තීරයට ගොඩ ගසයි

යාපනය වඩමාච්චි නැගෙනහිර උඩුත්තුරෙයි ප්‍රදේශයේ වෙරළ තීරයට සැරසිලි කරන ලද යාත්‍රාවක් වැනි යමක් ගොඩ ගසා ඇති බව එම ප්‍රදේශයේ ධිවරයෝ පවසති.

එම යාත්‍රාව විදේශ රටක ආගමික වතාවත් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් බවට සැක කරණු ලබන අතර එය කුමන රටේ සිට මෙසේ මෙරට මුහුදු වෙරළට ගසාගෙන අවේද යන්න පිළිබද අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, මෙසේ ගොඩ ගසන ලද සැරසිලි කරන ලද අලංකාර යාත්‍රාව දැක බලා ගැනීම සදහා ප්‍රදේශවසීන් එම මුහුදු වෙරළට පැමිණ ඇති අතර එය ධීවරයින් විසින් ගොඩගට ගෙන තිබේ.

Share This