අවදානම් රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අවදානම් රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මාස 6-9 ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ද සැලසුම් කර ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ.

සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එන්නත් වැඩසටහන ලබන ජනවාරි 6 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකය.

අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට ළඟම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබුවේ 2019 වසරේ දී යි.

මේ අතර, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Share This