විජයදාසගේ පෙත්සමේ කරුණු සලකා බැලීම කල්යයි

විජයදාසගේ පෙත්සමේ කරුණු සලකා බැලීම කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (22) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගත්තේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර වගඋත්තරකාර පැමිණිලිකරු වන දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා කරුණු දැක්වීය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල්තැබුණි.