ලක්ෂ 9ක වැටුපට ලාංකික සොල්දාදුවන් රුසියානු හමුදාවට බඳවාගැනීම් පෝලිමේ

ලක්ෂ 9ක වැටුපට ලාංකික සොල්දාදුවන් රුසියානු හමුදාවට බඳවාගැනීම් පෝලිමේ

මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපක් ලැබෙන බවද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බොහෝ පිරිසක් මේවන විට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බවත්, ඔවුන් තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා ඔවුන් සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඩොනෙට්ස්ක් නගරයේ බංකරයක සේවය කරමින් සිටියදී එල්ල වුණු යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නිපුණ මියගිය බව සේනක බණ්ඩාර පැවැසුවේය.

ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවත් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

 

Share This