විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව, පසුගිය මාසයේ විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 544 ඉක්මවා ඇති බවයි, එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට පසුගිය මාසය දක්වා සමුච්චිත අගය ඇමෙරිකා ඩොලර් මිලියන 2624කි.

එය 2023 වසරේ ජනවාරි හා මැයි මාසය අතර කාලය සමග සැසදිමේ දී 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරයි.

Share This