රියදුරු නොමැතිව ධාවනය වූ ත්‍රිරෝද රිය ප්‍රපාතයකට පෙරළී 04ක් රෝහල​ට

රියදුරු නොමැතිව ධාවනය වූ ත්‍රිරෝද රිය ප්‍රපාතයකට පෙරළී 04ක් රෝහල​ට

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී අද (20) දහවල් ත්‍රී රෝද රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙක් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

මීගහකිවුල නගරයේ සිට පොල්ගහඅරාව ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රීවිල් රථයේ රියදුරා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ත්‍රීවිල් රථය වෙළඳසැලක් අසල නවත්වා ඉන් බැස ගොස් ඇති අතර ඒ සමගම, ධාවනය වූ ත්‍රී රෝද රථය අඩි පනහක් පමණ මාර්ගය ඉදිරියට ධාවනය වී ඉදිරියෙන් තිබූ අඩි 30පමණ උසැති බෝකුවකින් පහළට පෙරළී යාමෙන් අනතුර සිදුව ඇත.

මීගහකිවුල නගරයේ අද පැවැති ආබාධිතයින්ගේ රැස්වීමකට සහභාගි වීමට පැමිණ නිවෙස් බලා යමින් සිටි ආබාධිත පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල කරුවන් අතර සිටින බව පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි එක් පුද්ගලයකු ධාවනය වන ත්‍රී රෝද රථයෙන් පිටතට පැන තිබේ.

 

Share This