කොටි ත්‍රස්තවාදීන් සැඟවූ මෝටාර් අවියක් හමුවෙයි

කොටි ත්‍රස්තවාදීන් සැඟවූ මෝටාර් අවියක් හමුවෙයි

යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් සගවා තබන්නට ඇතැයි විස්වාස කළහැකි මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් අවියක් පෙරියතට්ටමුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් සොයා ගෙන තිබේ.

එම ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරමින් සිටි පිරිසකට මෙම මෝටාර් අවියක් හමු වී ඇති අතර පසුව ඔවුන් ඒ බව දැනුම් දීමෙන් පසු විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Share This