ඉරාන ජනාධිපති අනිද්දා දිවයිනට

ඉරාන ජනාධිපති අනිද්දා දිවයිනට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා අනිද්දා මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකරනු ඇති බවයි, එම වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.

Share This