ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ප්‍රපාතයට

ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ප්‍රපාතයට

හගුරන්කෙත සිට ලූල්කඳුර දක්වා ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ලූල්කදුර විදුහල ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත් ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

මෙම බස් රථයේ සේවිකාවන් හතලිහක් පමණ ගමන් කරන අතර සවස වැඩ ඇරී සේවිකාවන් නිවෙස් වලට ඇරලවන අවස්ථාවේ බස් රථය අනතුරට මුහුණපා තිබේ.

ඒ අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ සේවිකාවන් දෙදෙනකු පමණක් බව ද පොලිසිය කියයි.

තුවාල ලැබූ සේවිකාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දෙල්තොට රෝහලට ඇතුලත් කොට තිබේ.

 

Share This