අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් වැලිපෑලැස්ස පාරේ දී හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් වැලිපෑලැස්ස පාරේ දී හමුවෙයි

අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් වැලිපෑලැස්ස – අඩිප්පල පාරේ තිබී ඊයේ (05) උදෑසන හමු වී ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

වැලිපෑලැස්ස – අඩිප්පල පාරේ සිදු කළ සෝදිසියකදී මහමග වැටී තිබී මෙම පිරිමි මල සිරුර හමුවී ඇති අතර, එම සිරුර අඩිප්පල නිකහේන්යාය ගම්මානයේ පදිංචිව සිටි ඩී.එම්.වසන්ත යන අයෙකුගේ සිරුරක් බවට හඳුනාගෙන ඇත.

මියගොස් ඇති තැනැත්තා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවී සිටි අයෙක් බවට තොරතුරු හෙලිවී ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබූ අතර, ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.