තවත් ඝාතනයක්

තවත් ඝාතනයක්

කළුතර, පලාතොට ගොඩපරගහහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි සුජිත් ධර්මසේන නමැති 43 හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා නිවස ආසන්න මාර්ගයේ ඇවිද යමින් සිටියදී හිස සහ ගෙල ප්‍රදේශයට එල්ලවූ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් එම ස්ථානයේම ඇදවැටී මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගොස් ඇති තැනැත්තාට පුද්ගල පහරදීම් සම්බන්ද පැමිණිලි ඇති අයකු බවත්, පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිව ඇති බවත් පොලිසිය කීය.

Share This