පඩි වැඩි කර ගැනීම ගැන කරුණු කියන්න මහ බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට

පඩි වැඩි කර ගැනීම ගැන කරුණු කියන්න මහ බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමකට කැඳවා දීර්ඝව කරුණු විමසීමට තීරණය කර තිබේ .

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 4 වැනිදා පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත මෙම පක්ෂ නායක රැස්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයෝ සහභාගී වෙති.

මේ ගැන කරුණු විමසීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

ඒ අනුව එම රැස්වීම පැවැත්වීමට කතානායකවරයාගේ අවසරය හිමිව ඇත.

මෙයට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටු වලට කැඳවීමටද තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම සඳහා ඔවුනට කිසිම නීතිමය බලයක් නැති බවයි.

Share This