වසන්ත යාපා කෝප් කමිටුවට පත්කළ ගමන් ඉල්ලා අස්වෙයි

වසන්ත යාපා කෝප් කමිටුවට පත්කළ ගමන් ඉල්ලා අස්වෙයි

පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කෝප් කමිටුවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (20) උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එය නිවේදනය කිරීමත් සමග නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දුන්නේය.

තමාගේ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව, මේ විට කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති මුළු මන්ත්‍රී ගණන නවයකි.

Share This