කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි, එම මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීර්ණය කර තිබේ.

Share This