ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද (23) ඕමාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි.

තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට බුලවායෝ හිදී ආරම්භවීමට නියමිතය.

ඊට අමතරව ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයද අද (23) පැවැත්වෙයි.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 175කින් ජයගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින්.

එම ජයත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේය.

ඕමානය සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජයගනිමින් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

Share This