T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන වනිඳුට

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන වනිඳුට

ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග ICC නවතම විස්සයි 20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිම් වල පළමු ස්ථානයට පැමිණීමට
සමත්ව තිබේ.

ඒ, ප්‍රසාද ලකුණු 228ක් ලබාගනිමින්.

මීට පෙර ශ්‍රේණිගත කිරීම් වලට අනුව වනිඳු හසරංග සහ බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන් සම මට්ටමේ සිටි අතර මෙවර ශ්‍රේණිගත කිරීමේදී ප්‍රසාද ලකුණු 223ක් දක්වා පහළ බැසීම හේතුවෙන් ෂකීබ් අල් හසන්ට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු 218ක් ලබා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නාබි පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයට පත්ව තිබේ.

මේ අතර පන්දුවාර 20 තරගවල පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවන්නේ ද ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගයි.

ඔහු ප්‍රසාද ලකුණු 687ක් ලබා දෙවන ස්ථානයේ සිටින අතර ලකුණු 722ක් ලැබූ එංගලන්තයේ Adil RASHID පළමු ස්ථානයේ පසුවෙයි.