“Cannes” සිනමා උළලේදී “ශේෂ” ලාංකික චිත්‍රපටයට සම්මානයක්

“Cannes” සිනමා උළලේදී “ශේෂ” ලාංකික චිත්‍රපටයට සම්මානයක්

ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන “ශේෂ” 2024 ලෝක කෑන්ස් ( “Cannes” ) සම්මාන උළලේදී හොඳම නර්තන චිත්‍රපටය ( BEST DANCE FILM) අංශයේ සම්මානය දිනගෙන තිබේ.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකයේ නිර්මාණයකි

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ විසින් රඟදක්වන අතර උමාලි තිලකරත්න ඇතුළු නළු නිළියන් රැසකගෙන් සිනමාපටය හැඩගැන්වේ.

චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය සහ පිය පුතු සම්බන්ධය වටා ගෙතෙන්නකි.

“ශේෂ” දේශපාලනික වශයෙන් අවිඥානික සහ සංස්කෘතික වශයෙන් දූෂිත සමාජයක තම කලාව තම ජීවිතය ලෙස ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ‘ගුරුන්නාන්සේ’ සහ ඔහුගේ ආදරණීය පුතු වටා කේන්ද්‍රගත වූ කතාවකි,

ලද සම්මානයේ සතුට අධ්‍යක්ෂවරයා විසින් වචන කර තිබුණේ මෙලෙසයි.

‘‘දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී “ශේෂ”,Cannes World Film Festival (කාන්ස් ලෝක සිනමා සම්මාන උළලේ)හි හොදම නර්තන චිත්‍රපටය ලෙස තේරී පත්වු බව ඔබ සියලු දෙනාට සතුටින් දැනුම් දෙන්නෙමු..” ලෙසයි.

 

Cannes සම්මාන උළලේදී ශ්‍රී ලංකාවේ ශේෂ ඇගයීමට ලක්වෙයි