“විශ්ව බුද්ධ” යළි රිමාන්ඩ්

“විශ්ව බුද්ධ” යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්ව බුද්ධි නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ, ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම සැකකරු ලබන 29 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද බන්ධනාගාර දෙපාර්මේන්තුවට නියෝග කළේය.

සැකකාර චීවරධාරියා පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදාහැරුණි.

කෙසේ වෙතත් සැකකරු අධිකරණ නියෝග නොතකමින් දිගින් දිගටම බුදු දහමට අපහාස වන ආකාරයේ ක්‍රියාවල නිරතවෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ඔහු යළි මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි වාර්තා වන්නේ.