වැඩිහිටි කන්දේදී කැබ් රථයක් පෙරලී අනතුරක්

වැඩිහිටි කන්දේදී කැබ් රථයක් පෙරලී අනතුරක්

කතරගම වැඩසිටි කන්ද විහාරස්ථානය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන කැබ් රථයක් කඳු මුදුනේ සිට පහත මාලය වෙත එමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් බැතිමතුන් අට දෙනකු සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුලත් කර ඇතැයි කතරගම පොලීසිය පවසයි.

අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට තිබේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි, පොලීසිය පැවසුවේ.

කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළකරයි.

කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.