වික්ටෝරියා අඩියටම සිඳෙයි – පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල ගැටලුවක

වික්ටෝරියා අඩියටම සිඳෙයි – පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල ගැටලුවක

මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී තිබේ.

වික්ටෝරියා ජලාශය මගින් රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන අතරම කුඹුරු අක්කර දහස් ගණනක වගාවන් සඳහාත් පානීය ජලය සැපයීමත් සිදු කෙරේ.

ජලාශයේ ජල මට්ටම අඩු වීම නිසා ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ දී සිටිති.

වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ජලාශයට යටව තිබූ පැරැණි තෙල්දෙණිය නගරයේ නටබුන්ද ජලාශය සිඳී යාම හේතුවෙන් මතුව පෙනෙන්නට පටන් ගෙන තිබේ.