පාසල් දැරියක් අපයෝජනය කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාසල් දැරියක් අපයෝජනය කළ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකු කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිස් ස්ථානයට අනූයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙකු බව පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල් වරයා අවුරුදු 14 ක් වයසැති පාසල් වයසේ පසුවන දැරියකට ලිංගික අතවර සිදුකර ඇති බව පොලිසිය සදහන් කරයි.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

Share This