වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නවතන්නට මීට වසර 4 කට‍ පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔක්තෝබර් මාසයේ සිට ආනයනයට පියවර කිහිපයකින් අවසරය ලබාදී එය අරඹන අතර කාර්මික සහ බර වාහන වලින් මෙම කටයුතු ආරම්භ වනු ඇත.

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය සඳහා දෙවන පියවර ක්‍රියාත්මක වන බවත් නිශ්චිත cif අගයක් යටතේ කුඩා මෝටර් රථ ආනයනය තුන්වන පියවර බවත් පැහැදිලි කරන රාජ්‍ය අමාත්‍යවරයා සුඛෝපභෝගී සහ අධි සුඛෝපබෝගී වාහන ලෙස සිව්වන පියවර අරඹනු ඇත්තේ 2025දී බව පවසා තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ විදුලි වාහන ආනයනයට ප්‍රමුඛත්වය ලබා දීම රජයේ ප්‍රතිපත්තිය වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.

නවතම වාහන හෝ වසර දෙකක් ඇතුළත නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කිරීමට අවසර දෙන බවද පැවසේ.

විදේශ සංචිතයට සරිලන පරිදි වසරක් තුළ ආනයනය කළ යුතු උපරිම වාහන සංඛ්‍යාව පිළිබඳව රජය මහ බැංකුවේ උපදෙස් ලබා ගන්නා බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ සේවකයින්ට තීරුබදු රහිත යෝජනා ක්‍රම යටතේ වාහන ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජය සලකා නොලබන බවත් තීරුබදු රහිත ආනයනයෙන් ලැබුණු ආදායම අවම මට්ටමක පැවතීම නිසා මෙම තීරණය ප්‍රමාද වී ඇති බවත් සඳහන් වේ.