web hit counter
බන්ඩි පොහොර 50% කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

බන්ඩි පොහොර 50% කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

බණ්ඩි පොහොර (MOP) මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් තිබෙන බවත් ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බවත් රජයට අයත් පොහොර සමාගම්වල පෙන්වා දි ඇත.

ඒ අනුව බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අනුමැතිය ලැබෙනු ඇති බවත්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )