ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පස්වරුවේ පැවැත්වේ.

තරඟය පස්වරු 02 ට ඉන්දියාවේ දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

මේ අතර, එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (05) පැවති තරගය ලකුණු 243කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 326ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 27යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 83ක් පමණි.

මෙය ඉන්දියාව ලෝක කුසලාන එක්දින තරගාවලියේ පිට පිට ලැබූ 8 වන ජයග්‍රහණයයි.

Share This