උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරන්න ඉරාන ජනපති ලංකාවට

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරන්න ඉරාන ජනපති ලංකාවට

ඩයබරා සහ පුහුල්පොල යන වේලි දෙකක් සහ කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඉරාන ජනාධිපතිවරයා 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

මෙම ව්‍යාපෘතියට මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් ප්‍රධාන ජල විදුලි බලාගාර දෙකක් ද ඇතුළත් වන අතර උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉරාන සමාගම්වල විශිෂ්ටතම තාක්ෂණික හා ඉංජිනේරු සේවා ව්‍යාපෘතියක් ලෙස සැලකේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් කොළඹ නගරයේ සිට කිලෝමීටර් 200ක් දුරින් පිහිටා ඇත.

ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කෘෂිකාර්මික ඉඩම් අක්කර 5000ක වාරිමාර්ග වැඩිදියුණු කිරීම, ජලය ඝන මීටර් මිලියන 145ක් හුවමාරු කිරීම සහ වසරක් තුළ ගිගාවොට් 290ක විදුලිය ජනනය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය ඉරාන කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශයන්හි ක්‍රියාත්මක කරන විශාලතම ව්‍යාපෘතියක් බවද සඳහන්.

 

 

Share This