ගුරු සේවයේ නව බඳවා ගැනීම් ගැන දැනුම් දීමක්

ගුරු සේවයේ නව බඳවා ගැනීම් ගැන දැනුම් දීමක්

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි.

මේ අනුව උපාධිධාරී ගුරුවරුන් 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Share This