දුම්රිය මගීන්ට දැනුම් දීමක්

දුම්රිය මගීන්ට දැනුම් දීමක්

ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය සේවා එලෙස අද සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට නියමිතය.