අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල නිවේදනය කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල නිවේදනය කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ගණන් පිළිබඳ දැනුම්දෙමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් ලෙසයි දක්වා ඇත්තේ.

එහි සිල්ලර මිල රුපියල් 1100 – 1300ත් අතර වේ.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265ක්.

එහි සිල්ලර මිල රුපියල් 290 – 310ත් අතර වේ.

හාල් මැස්සන් (ආනයනික) කිලෝවක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 1000ක් ලෙසයි.

එහි සිල්ලර මිල රුපියල් 1100 – 1500ත් අතර වේ.

ලොකු ළුෑණු (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 400 ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 450 – 570 ත් ලෙස සඳහන් කර තිබේ.

අල (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 145ක්.

සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 180 – 210ත් ලෙසයි.

මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 290කටත් සිල්ලර මිල 300 – 360ක මිලකටත් අලෙවි විය යුතුයි.

මෙම නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.