දුම්රිය මගීන්ට දැනුම් දීමක්

දුම්රිය මගීන්ට දැනුම් දීමක්

අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂ වලට ලක්වීම ද මීට හේතු වී ඇති බවයි, දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

අවලංගු කරන දුම්රිය අතර කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද වේ.

සේවක හිඟය හේතුවෙන් ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 16 ක් අවලංගු කෙරිණ.