web hit counter
විදුලිබිලට එරෙහි පා ගමන අතරතුර විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

විදුලිබිලට එරෙහි පා ගමන අතරතුර විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ආරම්භ කර තිබූ විරෝධතා පාගමන අතරතුර හිමිනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ හොරගස්මුල්ල ප්‍රදේශයේ සිට අද (01) උදෑසන සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබුණි.

එම විරෝධතාවය සංවිධානය කර තිබු විදුලි පාරිභෝගික සංගමයේ ලේකම්, සංජීව ධම්මික හා හිමිනමක් ඇතුළු තවත් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )