සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන්ට වැඩ වරදින ලකුණු

සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන්ට වැඩ වරදින ලකුණු

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ගැසට් කරඇති මොහොතක, ඊට පටහැනිව ක්‍රියාකරන රියදුරන්ට එරෙහිව පවතින නීතිරීති යටතේ ක්‍රියාත්මක වන බව, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

මේ අතර දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළද වර්ජනය අත් නොහරින බව ශ්‍රී ලංකා දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

එය ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

කෙසේ වෙතත්, දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 12ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක් සහ හලාවත මාර්ගයේ දුම්රිය 4ක් කොළඹ බලා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දුම්රිය ස්ථාන සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව යොදවා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.