ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය පීලි පනී – නැගෙනහිර දුම්රිය ධාවනයට බාධා

ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය පීලි පනී – නැගෙනහිර දුම්රිය ධාවනයට බාධා

චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය අද (12) අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළී පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය , මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පුලථිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හා මහව සිට මඩකලපුව බලා ධාවනය වන මිශ්‍ර දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුව තිබේ.

අලුයම ධාවනය කිරීමට නියමිතව තිබුණු තැපැල් දුම්රිය පාන්දර 5. 15 ට පමණ ප්‍රමාදව ධාවනය කෙරිණ

දුම්රිය පීලි පැනීම නිසා මාර්ගයට හානි සිදුව නොමැති අතර දුම්රියේ ගාඩ් පෙට්ටියේ රෝද කට්ටල දෙකක් හා පිටි රැගෙන යන එක පෙට්ටියක රෝදයක් පීළි පැන තිබේ.

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව මංසන්ධියේ දී මාරුකර යැවෙන අතර ප්‍රීමා පිටි දුම්රිය දිග නිසා දුම්රිය පෙට්ටි හතරක් ඉවත් කර මාර්ගය විවෘත කර දුම්රිය ධාවනයට කටයුතු කිරීමට හැකි වූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

Share This