ඉංගිරියේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මිය ගිහින්

ඉංගිරියේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මිය ගිහින්

ඉංගිරිය නිවසක තනිව සිටි 25 හැවිරිදි විවාහක කතක් හිටිහැටියේ මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය සඳහන් කරයි

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියයි.

මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර විවාහ වූ කාන්තාවකි.

ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණෙන විට බිරිඳ සිහිසුන්ව මුළුතැන්ගෙයි වැටී සිටිනු දැක වහාම රෝහල් ගත කර තිබේ.

මෙම කාන්තාව රෝහල් ගත කරන විටත් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිය ගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බව පොලිසිය කියයි.

තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් හට ගෙන තිබෙන බව ද වාර්තා වෙයි

Share This