ඉන්දියාවේ මාරක දුම්රිය අනතුරින් 288ක් මරුට – 900කට තුවාල

ඉන්දියාවේ මාරක දුම්රිය අනතුරින් 288ක් මරුට – 900කට තුවාල

නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ, බලසෝර් නගරයේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් පුද්ගලයන් 280කට අධික පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකක් බව ය.

ඊයේ (ජූනි 2) සිදු වූ මෙම ව්‍යසනයෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 288 දෙනෙකු මියගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බව එම වාර්තාවල දැක්වේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් පුද්ගලයින් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදු කරන බව ත් මරණ සංඛ්‍යාව තව දුරට ත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ත් ප්‍රාන්ත ප්‍රධාන ලේකම් ප්‍රදීප් ජෙනා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

බලධාරීන් සඳහන් කර ඇත්තේ, ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ගිලන් රථ 200කට අධික සංඛ්‍යාවක් සහ ගිනි නිවන රථ කිහිපයක් ද යොදා ගෙන ඇති බව ය.

පීලි පැන ප්‍රතිවිරුද්ධ මාර්ගයට පෙරළී තිබූ මගී දුම්රියක මැදිරිවල තවත් මගී දුම්රියක් ගැටීමෙන් මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බව ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇත.

ඉන් දුම්රිය දෙක ම පීලි පැනීමට ලක්වී තිබේ. අනතුරුව භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද ඒවායේ ගැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ප්‍රාන්තයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, අනතුරින් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් සහ බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ලබා දීමට ද තීරණය කර ඇත.

India train crash: More than 230 killed, 900 injured in Odisha | CNN

India train crash: More than 230 killed, 900 injured in Odisha | CNN

Some of the deadliest train accidents in India - India Today

Over 200 dead, 900 injured in train crash in eastern India | ABS-CBN News

Biggest Train Accidents In India In Recent Years

Share This