ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේය.

වෙළෙඳපොළේ මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි.