යාපනය – කොළඹ සුඛෝපභෝගී දුම්රියක් 01 වැනිදා සිට

යාපනය – කොළඹ සුඛෝපභෝගී දුම්රියක් 01 වැනිදා සිට

දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01 වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විතය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් පිටත්වන දුම්රිය අළුයම 6 ට යාපනයට ළගා වන බවයි.

යාපනයෙන් සෑම දිනකම රාත්‍රි 10ට දුම්රිය කොළඹ බලා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

මෙම දුම්රියේ පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 4000 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.