අඟුරුවාතොට මව හා දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අඟුරුවාතොට මව හා දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අඟුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගැනිමට අගුරුවාතොට පොලිසිය සමත්ව ඇත.

සැකකරු, ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ මස්සිනා බව ද පොලිසිය පවසයි.

සැකකරු වරකාගොඩ සල්ගස් මාවත ප්‍රදේශයේ නිවසට පැමිණෙන බවට පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන හදිසියේ එම ස්ථානය වැටලීමට අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එහි ගොස් ඇත.

එහිදී නිවස තුළ අදාළ සැකකාර පුද්ගලයා හමු නොවූයෙන් පිටුපස කැලෑව හා ඒ අවට දැඩි ලෙස පරික්ෂා කිරීමේදී කෙසෙල් ගස් කිහිපයක ට මුවා වී මෙම සැකකරු සැඟ වී සිටිනු දැක ඇත.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර ඔහු සමග පොරබදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී සැකකරුගේ අතේ තිබූ තරමක් විශාල කතුරු තලයක් වැනි උල් ආයුධයකින් ස්ථානාධිපතිවරයාට කිහිප වරක් පහර පහරදීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වීම නිසා ඔහු විසින්ම තමන්ගේ පපුවට කිහිප වරක් ඇන ගෙන ඇත.

මේ වනවිට ඔහුව කළුතර රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වති.

Share This