මාධ්‍යට තොරතුරු ප්‍රකාශ කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ කට වහන්න චක්‍රලේඛයක්

මාධ්‍යට තොරතුරු ප්‍රකාශ කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ කට වහන්න චක්‍රලේඛයක්

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනායානුකූල ක්‍රියාමාර්ග දියත් කරන බව ලිඛිතව දන්වමින් සෞඛ්‍ය ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහය ප්‍රකාරවත්, 2015.01.29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරවත්, 2022.09.27 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC/FR/371/2022 යටතේ නිකුත් කරන ලද නඩු තීන්දුවට අදාලව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.

එසේ තොතුරු ලබා දෙන නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය ප්‍රකාරව විනයානුකූලව දඬුවම් දෙන බවද ලේකම්වරයා දන්වා ඇත.

 

Share This