දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රියේ සිට මේ තීරණය ක්‍රියාත්මක බවත් අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවත්ය.

මේ අතර, දුම්රියෙන් ඇද වැටී පාසල් දරුවකු මිය යාම සම්බන්ධයෙන් මෙහි දී ශෝකය පළ කළ අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුව ඇරඹීමට පෙර ඒ වෙනුවෙන් විනාඩියක නිහඬ කාලයක් ද ආරක්ෂා කළේය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාද සහභාගී විය.

Share This