යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ගුටිබැට හුවමාරුවක් – පොලිසියේ දෙකක් ඇතුළු 4ක් රෝහලට

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ගුටිබැට හුවමාරුවක් – පොලිසියේ දෙකක් ඇතුළු 4ක් රෝහලට

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ රෝහල්ගත කර ඇත්තේ පානදුර කොට්ඨාස රථවාහන අංශ නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පානදුර අවට පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ පොලිස් නිළධාරීන් දෙදෙක් මධ්‍යම රාත්‍රි 12.10 ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරියේ යෙදී සිට තිබේ.

එම අවස්ථාවේ දි මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ ඇත. යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී ඇති බව සදහන් වේ.

පසුව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිළධාරීයෙකුට පහරදී ඇති බවත් , ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සඳහන්ය.

පසුව පොලිස් නිළධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්, එක් අයෙකු පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.

පොලිස් නිළධාරීන් දෙදෙනා සහ සැකකරුවන් දෙදෙනා ස්වසන පරීක්ෂාවකට ලක්කර රෝහල් ගතකළ බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .

පහරකෑමට ලක්වූ සිව්දෙනාම පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සැකකරුවන් පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි .

සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන වලින් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති

Share This