උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (16) හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අතර දී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ලෙන් පෙරවරු 10.15 ට කොළඹ බලා පිටත් වූ සීඝ්‍රගාමී දුම්රිය පස්වරු 12.15 ට පමණ මෙසේ පීලි පැන තිබේ.

මේ හේතුවෙන් නුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බඩු දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ ද නුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ද නතර කරතැබීමට සිදුවූ බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය පීලිගත කිරීම සඳහා සේවක කණ්ඩායමක් මේවන විට යොදවා ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව, අද දින උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.