අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ලක්නව් හීදී අද (16) සවස 2 කට ආරම්භ වීමට නියමිතය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් මීට සුළු වේලාවකට පෙර සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කර තිබේ.

මෙම තරගය තරගාවලියේ 14 වැනි තරගය ලෙස පැවැත්වෙන්නේ ලක්නව්හි භාරත රත්න ශ්‍රී අතල් බිහාරි වජ්පායි ඒකනා ක්‍රීඩාංගණයේදීය.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානක මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ 26 වැනි එක්දින තරග නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.

ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානකට සති 03ක කාලයක් විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති නිසා ඔහුට මෙම තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමිව තිබෙනවා.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 02ක් සිදු කර ඇති අතර, ඒ අනුව දසුන් ශානක සහ මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ වෙනුවට චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර තරගයට ක්‍රීඩා කරනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නොමැත.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

 

Share This