Toyota මෝටර් රථ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Toyota මෝටර් රථ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Toyota මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර තිබේ.

මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවය.

අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවය.

මේ අතර Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකර ගැනීමක් සිදුකරගත යුතු බවය.

ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Share This