පියුමි පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට තොරතුරක් – ඇමති ටිරාන් අලස්

පියුමි පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට තොරතුරක් – ඇමති ටිරාන් අලස්

නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව ඇයගේ වත්කම් පිළිබඳව විමර්ශනය කරන බව පැවසූ අමාත්‍යවරයා තම නිර්දෝෂී බව ඇයට ඔප්පු කිරීමට අවස්ථාව ඇති බව ද පැවසීය.

කුමන තර්ජන පැමිණියද මත් ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන බවත් යුක්තිය මෙහෙයුම ජූලි 04 වැනිදා සිට ජනතාවගේ ඇඟට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බව ද කීවේය.

Share This