ටින් අංකය ලබා දීමට නව ක්‍රමයක්

ටින් අංකය ලබා දීමට නව ක්‍රමයක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන ඔවුන්ව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අංකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

නීතිමය ගැටලු රහිත ආයතනවලින් මෙම තොරතුරු ලබා ගැනීම සිදු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Online මගින් බදු ලියාපදිංචි අංකය ලබා ගැනීමට වඩා පහසු ක්‍රමයක් සැකසීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Share This