ටික්ටොක් ගැන ඇමරිකාව ගත් තීරණය

ටික්ටොක් ගැන ඇමරිකාව ගත් තීරණය

ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කළ හැකි පනතක් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගෙන තිබේ.

මේ අනුව, ඇමෙරිකාවේ දැවැන්ත සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සමාගමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් වෙත සිය කොටස් විකිණීම සඳහා මාස හයක කාලයක් ලබා දී තිබේ.

එසේ විකිණීමට අපොහොසත් වුවහොත් එම සමාජ මාධ්‍ය ඇමෙරිකාව තුළ තහනම් කිරීමේ ඉඩකඩක් පවතී.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත ද්විපාර්ශ්වික ඡන්දයකින් අතිමහත් ලෙස සම්මත වුව ද එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු එරට ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් කළ යුතුයි.

මෙම කෙටුම්පත සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට සමත් වුවහොත් ජනාධිපති ජෝ බයිඩන් එය වහාම අත්සන් කරන බවට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී සූ සී චෙව් පවසන්නේ, තම ආයතනය පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂාවට බැඳී සිටින බවයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් අමෙරිකාවේ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩා වැටීමේ අවදානමක් ඇති බව හෙතෙම පවසයි.

Share This