හිටපු නීතීපතිව TID කැඳවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු නීතීපතිව TID කැඳවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, හිටපු නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත ගොනු කරන ලද රීට් පෙත්සමක් සලකා බලමිනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද අදහස් පල කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු නීතිපතිවරයා කැඳවා තිබූ අතර ඔහු ඊට නොපැමිණ නීතීඥයෙකු මාර්ගයෙන් විරෝධය පළකර තිබිණි.

Share This