අරගලකරුවන් සමග ජනපති මැදුරේ පියානෝව වාදනය කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

අරගලකරුවන් සමග ජනපති මැදුරේ පියානෝව වාදනය කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

අරගල සමයේ කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ රාජකාරි සදහා යොදවා සිටියදි අරගලකරුවන් සමග එක්ව එහි පියානෝවක් වාදනය කළ පොලිස් කොස්තාපල්වරයකු සිද්ධියෙන් වසරකට පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් සිදුකර, විනය පරික්ෂණයක් ද පවත්වා ඉකුත් (29) සිට වැඩතහනම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙලෙස වැඩතහනම් කර ඇත්තේ පුත්තලම සාලියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව කොස්තාපල් රියදුරකු වශයෙන් රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි.

ඉකුත් අරගල සමයේ අරගලකරුවන් ජනාධිපති මන්දිරිය අත්පත් කර ගැනීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවයකු යටතේ 2022 ජූලි මස 08 දින මෙම කොස්තාපල්වරය ඇතුලු පොලිස් කණ්ඩායමක් විශේෂ රාජකාරි සදහා කොළඹට අණුයුක්ත කර සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම කොස්තාපල්වරයා රාජකාරිය අතරතුර පොලිස් නිළ ඇදුමෙන් මන්දිරය වෙත පැමිණ එහි පියානෝවක් වාදනය ඇති අතර ඒ සිදුවීම එවකට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වි තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර පසුව , ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් ද සිදුකර ඇත.

Share This