දස හැවිරිදි දරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

දස හැවිරිදි දරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක දරුවෙක් හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (04) අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදී ද ඔහු හෙරොයින් පානය කර සිට ඇති අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වි ඇත්තේ, මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවය.

අත්අඩංගුවට ගත් දරුවා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.